පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් දැනට පවතින නඩු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ විනිසුරුවරුන් වෙත බලපෑම්’ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)සඳහන් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සහ විනිසුරුවරයෙකුගේ ක්‍රියාකලාපයට අදාළ නඩුවකට අදාළව කැබිනට් අමාත්‍යවරයා ඊයේ (8) පාර්ලිමේන්තුවේදී සිදුකළ චෝදනාවලින් තමන් කැළඹුණු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණයේ ගැටුමක් බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
නමුත් “අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යයේ මූලික මූලධර්මයක් වන අතර, එබැවින්, අධිකරණ ස්වාධීනත්වයට ඕනෑම ආකාරයක අනිසි ඇඟිලි ගැසීම් අතිශයින් බරපතල වන අතර, විශේෂයෙන්ම අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කරනු ඇති නිසා මෙම ප්‍රකාශ හෙළා දැකිය යුතු බවයි,” නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
නිදහස් සමාජයක නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් යතුර බව තමන් සැමවිටම පිළිගෙන ඇති බව නීතිඥ සංගමය නිවේදනය කරනවා.
එසේම විනිසුරුවරුන් නිදහස් වනු ඇති බවට සහතික වන අතර කරුණු මත පදනම්ව අපක්ෂපාතී තීරණ ගැනීමට ඔවුන්ට නිදහස ලැබෙනු ඇති බවත් ඒ සෑම අවස්ථාවකදීම නීතිය, සහ වෙනත් මූලාශ්‍රවලින්, විශේෂයෙන්ම රජයෙන් කිසිදු බලපෑමක් හෝ මැදිහත්වීමක් නොමැතිව, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්නන් ලෙස ඔවුන්ගේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එල්ල වී ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා ස්වාධීන හා අපක්ෂපාතී පුද්ගලයින් පත් කළ යුතු බවයි නීතිඥ සංගමයේ අදහස.එසේම එම චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත්, එය අධිකරණ පද්ධතියේ අවංකභාවයට හානි කිරීමට හේතු වන බැවින් එම චෝදනා පදනම් විරහිත බව පෙනී යන බවත්, එය අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්රමයේ අඛණ්ඩතාවට හානි කරන බවත් එම සංගමය පවසනවා.
තව ද අධිකරණයට එරෙහිව කරන ඕනෑම චෝදනාවක් අසත්‍ය බව පෙනී ගියහොත් අධිකරණයට අපහාස කිරීම ඇතුළු දණ්ඩන සම්බාධක පැනවිය හැකි බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)සඳහන් කරන්නේ.