කුරුණෑගල-හබරණ දුම්රිය මග ඉදිකිරීමේ ව්‍යාපෘතිය මගින් නවතී

කුරුණෑගල සිට හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වසර 17ක් තිස්සේ සැලසුම් සකස් කෙරුණා. මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම,වාර්තා සැකසීම, පදිංචිව සිටි ජනතාවට ඉඩම් සංවර්ධනය කිරීම ඉදිකිරීම් ආදිය නවතා කාලයක් තිස්සෙ නවතා දමා තිබුණා.

කෙසේ වෙතත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය පවසන්නේ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නවතා දමා ජනතාවගෙන් ලබා ගත් ඉඩම් නැවත ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.

වසර 17ක් මේ වෙනුවෙන් රජය දැරූ වියදම ගැන මේ දක්වා වාර්තා වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles