දඩ මුදල් වෙනුවට පෙට්රල් ඉල්ලන පොලිසියේ අමුතු ක්‍රමේ

වෑන් රථයක් පැදවීමේදී මාර්ග නීති කඩ කළ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීම වෙනුවෙන් පොලිස් නිලධාරියෙකු පෙට්රල් ලීටරයක් ඉල්ලා සිටි පුවතක් මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන පුද්ගලයා මෙකී සිදුවීම වීඩියෝගත කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවයි පැවසෙන්නේ.

තමන් පදවාගෙන ආ රථයෙන් පෙට්‍රල් ලීටරයක් ගෙන එම නිලධාරියාට දුන් පසු ඔහු එම පෙට්රල් මාර්ගබාධකය අසල නතර කර තිබූ යතුරුපැදියකට දමා ගන්නා අයුරු ද දුටු බවත් ඔහුගේ එම ක්‍රියාව මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි සෙසු නිලධාරීන් ද දුටු බවත් එම තොරතුරුවල සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් කුරුණෑගල භාර ඉහළ පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත්ව ඇති බවත් සිදුවීම ගැන සොයා බලන බවත් යම් හෙයකින් මෙම සිදුවීම සත්‍ය නම් උක්ත නිලධාරියා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles