කැළණිය සරසවියේදී ඩඩ්ලි සිරිසේනට දැඩි විරෝධයක්

දේශනයක් වෙනුවෙන් කැළණිය සරසවිය වෙත පැමිණි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට දැඩි විරෝධයක් සිසුන් විසින් එල්ල කරනු ලැබුවා. කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ෆේස්බුක් පිටුවෙන් එය සජීවිව විකාශනය කෙරුණා. කෙසේ වෙතත් එහි ශිෂ්‍යයෙක් ප්‍රකාශ කළේ ඩඩ්ලිගේ දේශන කැළණිය සරසවියට අවශ්‍ය නැති බවයි.

රටේ සහල් මිල වැඩි කරන, ජවාරම්කාරී ලෙස වෙළඳාම් කරන අයෙකු ලෙස ඔවුන් ඩඩ්ලි සිරිසේන වෙත චෝදනා එල්ල කරමින් ඔහුගේ රථයේ මග අහුරාගෙන සිටියා. කෙසේ වෙතත්, කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය එහි පැමිණ ඩඩ්ලි සිරිසේනට ඇතුළු වීමට ඉඩ දෙන බැගෑපත්වන අයුරුත් එහි දකින්නට ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles