මාතලේ නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරනු ලැබූ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කළ බව සැක පිට එම පාසලේම සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතලේ නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් බවයි කියැවෙන්නේ.
අදාළ සිදුවීමට මුහුණ දුන් බව කියන ගුරුවරිය පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුවක් සඳහා පාසලට පැමිණි නැටුම් ගුරුවරියක් බව සඳහන්.
මෙලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් ෆේස්බුක් වෙබ් අඩිවියේ පළ කර ඇති බව කියමින් ගුරුවරිය පොලිසියට පැමිණිලි කර ඇති අතර විමර්ශනවලින් අනතුරුවයි සිසුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිස් භාරයට ගත් සිසුන් දෙදෙනා මාතලේ පරිවාස කර්යාලය වෙත යොමු කර පරිවාස වාර්තා සමගින් මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වුණා.