කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (29) සිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. විවිධ ඉල්ලිම් ගණනාවක් මුල් කරගනිමින් එම විරෝධය පැවැත්වෙන බව සඳහන්. ජනපති රනිල් වික්‍රමසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ආයතනය විවෘත කිරීමේ උත්සවයට පැමිණීමට විරෝධයද පළ කරමින් සිසුන් සටන් පාඨ කියනු ලැබුවා.
විශාල සිසු පිරිසක් කොළඹ-නුවර පාරද අවහිර වන පරිදි විරෝධතාවට එක් වූ අතර පොලිසිය ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. අද උදෑසන වන විට ඔවුන් සරසවියේ පරිපාලන ගොඩනැගිල්ල වටකර සිටින බව වාර්තා වුණා. තම අනාගත හීන විනාස කරනු ලැබූ ජනපතිවරයාට සුදනා වීමට නොපැමිණෙන ලෙස සටන් පාඨ හඬ නගා කියමිනුයි ඔවුන් විරෝධය පළ කරනු ලැබුවේ.