අද (23) පෙරවරුවේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
ඒ අනුව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සෞඛ්‍ය සහ කාර්මාන්ත අමාත්‍යවරයා ලෙස අද සිට කටයුතු කරනු ඇති.
මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.
මහින්ද අමරවීරට කෘෂිකර්ම අමාත්‍ය ධූරයට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරය ලැබී ඇති අතර ඔහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස අද සිට කටයුතු කරයි.
රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වැවිලි ව්‍යවසාය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.