හිටපු ජනපති ගෝඨාභය රාපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි වාර්තා වෙනවා.
පසුගිය දිනකත් ඔහු ඉල්ලා අස් වූ බවට වාර්තා පළ වුවද ප්‍රංශයේ සංචාරයක් අතරතුර සිටි ඔහු කියා තිබුණේ තමා පිළිබඳව පළව ඇති වාර්තා අසත්‍ය බව සහ පිරිසක් තමන්ට මඩ ගැසීමට මෙවැනි පුවත් නිර්මාණය කරන බවකුයි.
කෙසේ වෙතත් මෙවර ඔහු විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා. එහි සඳහන් වන්නේ තමා ඉල්ලා අස් වන්නේ වෙනත් දේශපාලන ව්‍යාපාරයක් සමඟ කටයුතු කිරීමට බවයි. එම ලිපිය පහත පළ වෙනවා.