මහින්ද රාජක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය ආයතන තබා ගැනීම සම්බන්ධව චෝදනා කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන 94 ක් තමන් යටතේ ගැසට් කර ගැනීම හාස්‍යයට කරුණක් බව නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර පවසනවා.
දේශපාලන ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආයතන ලග තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ජනපති අනුර ඉතිහාස ගත වන බවයි ඔහු පවසන්නේ.
ජනාධිපතිතුමා තමන් යටතේ ආරක්ෂක ,ආර්ථික, ඩිජිටල් ආමාත්‍යාංශ යටතේ රාජ්‍ය ආයතන 94 ක් ගැසට් කර ගැනීම විමතියට පත්වන කරුණක් බවත් මේ තුලින් ආණ්ඩුව තුල ආර්ථික ඒකාධීපතිත්වය ජනාධිපතිතුමා හසුරුවන බවත් එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියා.
පසුගිය පාර්ලිමේන්තුව වැඩිහිටි නිවාසයක් යැයි උසුළු ,විසුළු කල ජාතික ජන බල වේගයේ සාමාජිකයින්ට අද ඔවුන් පත් කරගත් පාර්ලිමේන්තුව තුල ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබදව පරිනත අත්දැකීම් ඇති පුද්ගලයින් නොමැති බැවින් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.