ඊයේ දිනයේ (15) දිඹුලාගල දිවුලපතාන ගම්මානය වෙත ආ දෙමළ ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ට එම ප්රදේශයට ඇතුළු වීමට අම්පිටියේ සුමන හිමි ඇතුළු පිරිසක් බාධා කර තිබෙනවා. එම බාධා හේතුවෙන් මන්ත්රීවරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ආරක්ෂාව සඳහා පොලිස් බලමුළු කැඳවා තිබුණා.
තමන් වගා කරන බිම් තහනම් කිරීම සඳහා මන්ත්රීවරයා පැමිණ ඇතැයි සුමන හිමි ඇතුළු පිරිස චෝදනා කරනවා.
කෙසේ වෙතත් දෙමළ මන්ත්රීවරු සඳහන් කර ඇත්තේ මඩකලපුවේ විරෝධතාවයේ නිරත දෙමළ ගොවීන් හමුවීමට තමන් උත්සාහ කළත් සුමන හිමි ඇතුළු පිරිස තමන්ට බාධා කළ බවයි. දෙමළ ගොවීන්ගේ ගවයන් විශාල පිරිසක් මරා දමා ඇති බවයි ඔවුන් පවසන්නේ.
‘වාහනෙන් බැස්සොත් බලාගෙනයි‘ යනාදී වශයෙන් සුමන හිමි තර්ජනය කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.