ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් රජයට ලබා දී රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සම්බන්ධ නඩුවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ඇමැති, වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ඔහුගේ නීතිඥවරයා කියා සිටියේ කෙහෙළිය පමණක් නොව මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවා සාක්ෂි ලබා ගත යුතු බවයි.
ඇමැතිවරයාට ඇප ඉල්ලා සිටිමින් නීතිඥවරයා මෙසේ පවසා සිටියා.
“ස්වාමිනි පැමිණිල්ල කියනවා, මගේ සේවාදායකයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නිසා මුළු කැබිනට් මණ්ඩලයම නොමඟ ගිහිල්ලා කියලා. කැබිනට් මණ්ඩලය ඔවුන් වෙත එන ඕනෑම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරනවා ද? කරුණාකර මුළු කැබිනට් මණ්ඩලයම කැඳවන්න ඔවුන් නොමඟ ගියේ කොහාමද කියලා සාක්ෂි ගන්න. ෆයිල් නැතිවුනා නම් ස්වාමිනි ෆයිල් නැතිකරපු කෙනා සොයාගන්න කියන්න. ඒකට ඇමතිට නඩු දාන්න එපා. මොකද උසාවියක නඩු භාණ්ඩ නැතිවුණා කියලා විනිසුරුවරයා වැරදි නැහැනේ. ස්වාමිනි බැලු බැල්මටම මගේ සේවාදායකයාට එරෙහිව නඩු කටයුත්තක් නැති හෙයින් ඔහුව නිදහස් කරන්න. මගේ සේවාදායකයා රෝග රැසකට බෙහෙත් වර්ගම 07ක් බොනවා.”
මහතා නොකීවට ස්තූතියි