කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව විත්තිකාර ඩයනා ගමගේ හිටපු ඇමතිවරියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.