ඩලස් පාර්ශ්වයේ සහාය සජිත්ට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේ බව සඳහන් කළා.

“අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපක් කරන්නේ නෑනේ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙන් තමා. ඒ අනුව දැනට පාර්ශවකරුවෝ ගණනාවක් ඉන්නවා සමගි ජන සන්ධානය කියලා. ඉදිරියටත් එන්න නියමිතව තිබෙනවා. ඒ සියල්ල එකතු කරගත් ශක්තිමත් පුළුල් බලවේගයක්. ඒකේ අපිත් ඉන්නවා. අපි සහ ඒ සියලුදෙනා එකතු වෙලා එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙලකුත් රට හමුවේ තියලා ජයග්‍රහණය කරනවා.”යැයි ඔහු පවසා සිටියා.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කරන්නේ.

රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බවද ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles