ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවදුරටත් රැඳෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දීමට තීරණය කළ බවයි ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
පසුගියදා රත්නපුර පිහිටි නිවසට සිය පාක්ෂිකයින් රැස් කළ ඇමතිවරිය සහය දිය යුත්තේ කාටදැයි දැනගැනීම සදහා ඡන්දයක් ද පැවැත්වූ අතර එහිදී සියලු දෙනා ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට සහය දිය යුතු බවටයි.
එම අවස්ථාවේදී සිය මතය ප්‍රකාශ නොකළ ඇමතිවරිය එහිදී සූක්ෂම පිළිතුරක් ලබා දුන් බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් දින තුනක් ඇතුළත මේ බව පක්ෂයට පවසා තීරණයක් දෙන බව ඇමතිවරිය පවසා තිබුණා.
ඒ අනුව ඇය අද සිය තීරණය දැනුම් දී තිබෙනවා.