සුප්‍රීම්, රනිල් සොයුරු ශාන්ගේ TNL ගිල ගනී

ජනපති රනිල් වික්‍රමසිංහගේ සොයුරු ශාන් වික්‍රමසිංහගේ TNL මාධ්‍ය ජාලයට අයත් රූපවාහිනී සහ ගුවන්විදුලි සංඛ්‍යාත ගණනාවක් සුප්‍රීම් ටීවී කළමනාකරණයට යටතට පත්ව තිබෙනවා. සුප්‍රීම් විසින් මෙය හඳුන්වා දී ඇත්තේ උපායමාර්ගික සන්ධානයක් ලෙසිනුයි.

TNL වෙත අයත්ව තිබූ ඉසිර රේඩියෝව ඉදිරියේදී සුප්‍රීම් රේඩියෝව ලෙසද TNL හි 89.1 සහ 89.3 MHz හි රේඩියෝ නාලිකා ‘Supreme’ ලෙස නැවත සන්නාමගත වී තිබෙනවා.

TNL රූපවාහිනී නාලිකාවේ නිල You tube නාලිකාව,TNL නිල facebook පිටුව,ඉසිර ගුවන්විදුලි facebook පිටුව යන සියල්ල Supreme TV කළමනාකරණය යටතට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නිල නොවන ආරංචිමාර්ග වෙතින් පසුගිය දා දැනගන්නට ලැබුණේ මේ වන විට TNL හිමිකරු ශාන් වික්‍රමසිංහ අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles