මත් කුඩු සැකකරුගෙන් ඝාතන 19ක් ගැන පාපෝච්චාරණයක්

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් කොන්ත්‍රාත් ඝාතන 19ක් සිදුකළ බවට පාපොච්චාරණය කළ බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මිය ගිය මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල ප්‍රබලයින් කිහිප දෙනෙකුගේ කොන්ත්‍රාත්තු තමන් ඉටුකළ බව ද සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇති බවයි කියැවෙන්නේ.

නිලන්ත කුමාර නොහොත් තංගල්ලේ සුද්දා නමැති සැකකරු යුද හමුදාවෙන් පලා ආ සෙබළෙක්. හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 07ක් සමඟ ඔහු කොළඹ කොටුවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත උණවටුනේ සඟවා තිබූ ගල්කටස් ගිනි අවියක් ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරු ඝාතන 19ක් සිදුකළ බව පැවසුවද කුමන ඝාතනද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles