පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ වඩුක්කොඩෛ පොලිස් භාරයේ සිටි පුද්ගලයෙකු පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අද පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී පළමු සාක්ෂිකරු විසින් සැකකරුවන් හඳුනා ගැනීමට සමත් වුණා.
ඒ අනුව වඩුක්කොඩෛ පොලිසියේ එවක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු සැකකාර අනෙක් නිලධාරීන් සිව් දෙනාද ලබන මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
වඩුක්කොඩෛ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යාපනය ප්රදේශයේ පදිංචි නාගරාජා ඇලෙක්ස් යන අය පොලිසිය තුළ දී තදබල පහරකෑමට ලක් වූ අතර යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියා.