ඊයේ (9) දා සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසලදී ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා තිබුණා. එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙක් අද අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නම් එක් දරු මවක්. ඇය වෛද්‍යවරයෙකුගේ බිරිඳක් බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනයෙන් පසු ඔහු විදේශයකට පලා යාම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි විට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සැකකරු රත්මලාන පෙදෙසේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල පෙළේ මත් ජාවාරම්කරුවෙකුගේ සහෝදරයෙක් බව පොලිසිය සඳහන් කරනවා. සැකකරු ඝාතනය සඳහා යොදා ගත් ආයුධ සහ මෝටර් රථය සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
පෙර ලිපිය –