ලිංගික අතවර කළැයි සැක ආර්පිකෝ අධිපතිට රට ගමන් තහනම්

ව්‍යාපාර විශ්ලේෂකවරියකට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් කෝටිපති ව්‍යාපාරික සේන යද්දෙහිගේට රටින් පිටවීම වළකාලමින් විදේශ ගමන් තහනමක් අධිකරණයෙන් පණවා තිබෙනවා.

ව්‍යාපාර කටයුතු විශ්ලේෂණය සඳහා ගිය අවස්ථාවේදී කොල්ලුපිටිය තරු හෝටලයකදී තමාට සේන යද්දෙහිගේ විසින් අතවර කළැයි කියන සිද්ධියකට මෙම කාන්තාව කළ පැමිණිල්ලකට විමර්ශන සිදුවෙනවා.

සමාගම් ගණනාවක නිර්මාතෘවරයෙක් වන යද්දෙහිගේ රිචඩ් පීරිස්, මස්කෙළිය වැවිලි, කෑගල්ල වැවිලි, නමුණුකුල වැවිලි සමාගම්හි කොටස් හිමි අතරම ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ වරයෙකුද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles