කටුකුරුන්ද ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

කටුකුරුන්ද ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ‍‍යෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා රාත්‍රී කාලයේ දී කටුකුරුන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ‍ෙනකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට ‍වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබුණා.

ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් ති‍දෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඊයේ (24) සවස පැලපිටියාගොඩ හා නුගේගොඩ ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවටගත් බව සඳහන්.

සැකකරුවන් 24, 39, 41 යන වයස්වල පසුවන තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් සතුව තිබී ක්‍රියාකාරී නොමැති ටී 56 වර්ගයේ ගිනි අවියක්, හිස් පතරොම් ගැබ් 2ක්, ජීව පතරොම් 4ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 340,000ක් හා කාර් රථයක් ද පොලිස් භාරයට ‍ගෙන තිබෙනවා.

ඉකුත් 20 වෙනිදා සිදු කළ එම වෙඩි තැබීමෙන් තිදරු පියෙකු වන 38 හැවිරිදි ඇසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා මියගොස් ඔහුගේ 7 හැවිරිදි දියණිය තුවාල ලැබුවා.

මියගොස් ඇති පුද්ගලයා කටුකුරුන්ද දුම්රිය පොළ පාරේ පිහිටි තම නිවසෙහි දරු තිදෙනා සමග රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිට ඇති අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ඔහුට වෙඩි තබා පලාගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles