සුවසැරිය: AI සමඟ එක් වී බලවත් වෙයි

මෙරට මෑත කාලයේ ආරම්භ වූ ජනහිතකාමී කටයුත්තක් වූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව සම්බන්ධිත ගිලන්රථ සේවාවක් ලෙස (connected ambulance revolutionizing pre-hospital care) බල ගන්වා තිබෙනවා.

මේ වෙනස්කම් යටතේ රෝහලට යාමට පහසුකම් ලබා ගන්නා රෝගීන්ට ප්‍රවාහන කාලය තුළදී එම රෝගියාගේ තත්වය නවීන ක්‍රමවේදයන්ට අනුකූලව නවීන වෛද්‍ය උපකරණ භාවිතා කර රෝග නිශ්චය කිරීමට ඍජුව වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා නිරීක්ෂණය කිරීමටත් වෛද්‍ය උපදෙස් ලබා දීමට සහ ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනවා. මෙය පළමුව කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වනු ඇති.

මේ වන විට 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ ගිලන් රථ 322 ක් ජනතාව වෙත පහසුකම් සපයමින් සිටිනවා. එහි ප්‍රතිචාර දැක්වීමේ කාලය විනාඩි 11 තත්පර 38 පමණ වන බවත් එම කාලය සමහර සංවර්ධිත රටවල් අභිබවා යන බවත් වාර්තා වන්නේ.

සුවසැරියේ නව බලගැන්වීම වෙනුවෙන් ලොව නූතන තාක්ෂණික සමාගම් සම්බන්ධ වී ඇති බවයි දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles