රෝයල් පාක් ඝාතකයාට මෛත්‍රී දුන් සමාව අහෝසියි

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියට වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සිටි ජූඩ් ශර්මන්ත ජයමහ නමැති අයට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව උක්ත සමාව බල රහිත බවයි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ.

2005 වසරේ ජුනි 30 වැනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ජූඩ් ශර්මන්ත යන අය පසුව 2016 වසරේ දී ජනාධිපති සමාව ලැබ නිදහස් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles