දරුවන් පිළිබඳව සැළකිලිමත් වෙන්න!

පවතින අධික උණුසුම නිසා දරුවන් අතර රෝග පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා.

එම නිසා දරුවන්ට අධික අව්වේ සෙල්ලම් කිරීමට ඉඩ දීම සහ අධික වෙහෙසට පත් කිරීම නොකළ යුතු බවයි ඔහු පවසන්නේ.

පාසල් දරුවන් විජලනය වීමෙන් වළක්වා ගැනීම සඳහා නිතර නිතර කුමක් හෝ පානයන් ලබාදෙන ලෙසත් පාසල තුළදී පිට්ටනියට සෙල්ලම් කිරීමට යැවීමේදී ඒ සඳහා අඩු කාල වේලාවක් තබා ගත යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

දරුවන් නිතරම ජලය පානය කිරීමට දීම ඉතා අත්‍යවශ්‍ය බවත් නිතර දරුවන් ඇඟ සේදීම, නෑවීම, දියර වර්ග පානය කිරීම කළ යුතු අතර ජලය සමඟ නිතර දරුවන් තබා ගැනීම ද වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles