පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩ වාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට දායක සභාවේ පිරිසක් අමානුෂිකව විසින් පහර දීමෙන් බරපළෙ තුවාල හා අස්ථි බිඳීමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙම විහාරස්ථානය වසරකට පෙර ආරම්භ කර ඇති අතර එහි ආරම්භයේ සිට යම් යම් හිරිහැර මැද මෙම භික්ෂුන්වහන්සේලා එහි වැඩවාසය කර ඇති බවයි සඳහන් වන්නේ.
දායකසභාවේ පිරිසක් අතර දිගින් දිගටම ඇතිව තිබු ආරවුලක් මත මෙම පහරදීම සිදු වී ඇති බවත් ඒ හේතුවෙන් පසුගිය දිනවල මෙම හිමියන් හම්බන්තොට ගොස් නැවත විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී රැඳී සිටි ගොඩනැගිල්ලේ දොර අගුලු කඩා උන්වහන්සේට අයත් දෑ සොරකම් කර තිබූ බවයි හිමිනම පවසන්නේ.
ඒ බව පුත්තලම මුලස්ථාන පොලිසියට ගොස් පැමිණිලි කර නැවත මෙම විහාරස්ථානයට පැමිණ සිටියදී කඩාවැදුණ දායක සභාවේ පියකු හා පුතෙකු ඇතුළු පිරිසක් ඉතා අමානුෂික ලෙස හිමිවරුන්ට පහර දී සිවුරු ගලවා දමා තිබෙනවා.
මෙම පහරදීමට සම්බන්ධ හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා