මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීම ආණ්ඩුව තමන්ගෙන් පළිගැනීමට සිදු කළ කටයුත්තක් බව එම විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.
Lankaline අප ඒ ගැන විමසූ විට ධම්මරතන හිමි දැඩි ලෙස ආණ්ඩුවට දෝෂාරෝපණය කරනු ලැබුවා.
තමන් ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීම සහ ආණ්ඩුවට සුදු හුණු නොගෑම මෙසේ පළිගැනීමට හේතුව බවයි උන්වහන්සේ ප්රකාශ කළේ. ආණ්ඩුවෙන් කිසිම සහනයක් බලාපොරොත්තු නොවෙන බවත් අතීතයේ මෙන් අඳුරේ වුවද සිටීමට තමන්ට හැකි බවත් ධම්මරතන හිමියන් තවදුරටත් පවසා සිටියා.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ මිහින්තලේ රජමහා විහාරස්ථානය විදුලි බිල් ලෙස රුපියල් ලක්ෂ 41ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවයි.