ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා මගින් රැකියාවලට විදෙස්ගත වීම නැවතීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් විවෘත කර තිබෙනවා.
මිනිස් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මත මෙම ඒකකය පිහිට වූ බවයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශ්‍ය සඳහන් කරන්නේ.
මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා මගින් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් එය වළක්වා ගැනීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බවත් එම අමාත්‍යංශ්‍ය පවසනවා.
මේ ඒකකය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශ්‍ය සඳහන් කරනවා.