සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ විසින් සිය මන්ත්‍රී ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වීමෙන් පසු එම පක්ෂය තුළ බරපතල මත ගැටුම් කිහිපයක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඒ හිටපු මන්ත්‍රීවරිය විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් සමඟි ජන බලවේගයේ ගමන් මඟ හා පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඇතැම් ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් දැඩිව විවේචනය කිරිම හේතුවෙන්.
බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත එම පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු තම ධුරයන්ගෙන් ඉවත් වීම හෝ දේශපාලන ස්ථාවරය වෙසන් කිරීමට වැඩි නැඹුරුතාවයක් පවතින බවයි පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
සමඟි ජන බලවේගය සමඟ සන්ධාන ගත වී සිටින අනෙක් දේශපාලන පක්ෂද මේ සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක සිටින බව වාර්තා වෙනවා.