තලතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ ගාමිණි අතුකෝරලගේ සහෝදරියද වනවා.

එසේම 2010, 2015 සහ 2020 මහ මැතිවරණවලදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

2020 වසරේදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ මන්ත්‍රීවරියක ලෙස පත් වුණේ මනාප 45,105ක් ලබාගනිමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles