ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් පත්ව තිබෙන්නේ එම පක්ෂයේ පැවති රහස් ඡන්දයකින්.
අද (21) පැවති ඡන්ද විමසීමේදී ශ්‍රීධරන් වැඩි ඡන්දයෙන් නායකත්වයට තේරී පත්ව ඇති බවයි වාර්තා වූයේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීම අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී පවත්වා තිබුණා.
ගුරුවරයෙක් වන ශ්‍රීධරන් යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. ඔහුගේ වයස මේ වන විට අවුරුදු 55ක් වෙනවා. ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට පත් වූයේ 2010 වසරේදීයි.
ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඉදිරිපත්ව සිටියත් ඔවුන්ට ජය ගැනීමට බැරිව තිබෙනවා.