දෙමළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සටනක් අරඹයි

අද පාර්ලිමේන්තු සභා ගර්භයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ, දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විරෝධතාවයක නිරත වීමෙන් බවයි වාර්තා වන්නේ.

පසුගිය 8 වැනිදා වවුනියාවේ හින්දු කෝවිලකදි පුද්ගලයින් 8දෙනෙකු පුරා විද්‍යා නිලධාරීන් විසින් කිසිදු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගනීම හේතුවෙන් මෙම විරෝධතාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

එම පුද්ගලයින් නිදහස් කරන මෙන් ඉල්ලා එම දෙමළ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වූ අතර එහිදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ අධිකරණය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබදව අපක්ෂපාතීව කරුණු සොයාබලා ඉදිරි පියවර ගනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles