තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13 ක සරණාගත කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් වෙනුවෙන් නිවාස ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම ශ්‍රී ලාංකික දෙමළ වැසියන් සඳහා ඉදිකළ නිවාස 1591 ක් නිල වශයෙන් ඔවුන්ට භාර දීමේ නිල උත්සවය තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් වෙල්ලෝර්හි මෙල්මොනාවුර් ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කඳවුරේදී පැවැත්වුණා.
මෙම නිවාස සඳහා ශ්‍රී ලංකා රුපියල් කොටි 300 ක් පමණ වියදම් කර ඇති අතර එම උත්සවයේදී වෙල්ලෝර් හි සරණාගත කඳවුරේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සඳහා නිවාස 220 ක යතුරු ස්ටාලින් ඔවුන්ට බාර දී තිබෙනවා.
එසේම ස්ටාලින් විසින් සරණාගත කඳවුරේ සිදුකළ සංචාරයේදී මෙම නිවාස හොඳින් නඩත්තු කිරීමට ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව දිරිමත් කර තිබෙන අතර දිස්ත්‍රික්ක 29 ක් පුරාවට ඇති ශ්‍රී ලාංකික දෙමළ පුනුරුත්ථාපන කඳවුරු 104 ක ගරා වැටුණු නිවාස වෙනුවෙන් නව නිවාස 7469 ක් ඉදිකරන බව ද පවසා තිබෙනවා.
ඒ බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් පසුගිය වසරේ නිවේදනය කළ අතර නිවේදනය කිරීමෙන් පසු ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස 3510 ක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කළ අතර ඉන් පළමු අදියර යටතේ නිවාස 1591 ඉදිකිරීම් අවසන් කර යතුරු භාර දුන් බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.