ගුරු-විදුහල්පති වැඩවැරුම අදත්: පහර දුන්නාට විරෝධයක්

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනද ලෙඩ නිවාඩු වාර්තා කරමින් සිය දීපව්‍යාප්ත වැඩ වර්ජනය සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ දිනයේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට රැස්වූ ගුරු-විදුහල්පති විශාල පිරිසකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පොලිසිය යොදා ගනිමින් එල්ල කරනු ලැබුවා. පිටවීමට ඉඩක් නොතබමින් එම ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වූයේ. මෙම ප්‍රහාරයෙන් පිරිසක් තුවාල ලැබුවා.

මෙම ප්‍රහාරයට විරෝධය පළ කිරීමක් ලෙසින් අදද වර්ජන ක්‍රියාමාර්ගය දියත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අතර මෙම වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වල පාහේ කටයුතු අඩපණ වූ බව ඊයේ වාර්තා වුණා. අදත් එවැනිම තත්වයක් පාසල්වල ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles