දිවයින පුරා පාසල් ඉදිරිපිට ගුරු වෘත්තීය සමිති අද (27)විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා.
ඒ පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කිරීමට එරෙහිවයි.
ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.