ගුරු – විදුහල්පති විරෝධතාවය හේතුවෙන් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය අවහිර වී තිබෙනවා.
මේ අතර කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව විරෝධතාවයට එක්වන පිරිසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් ද නිකුත් කර තිබුණද ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත ගුරු විදුහල්පතිවරු පොලිස් බැරියර් කඩාගෙන ලෝටස් පාර දෙසට ගමන් කරන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් පිටකොටුව සහ ඕල්කොට් මාවත සහ අවට මාර්ග වල දැඩි වාහන තදබදයක් පවතින බවද සඳහන්.
කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව විරෝධතාවයට එක්වන පිරිසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් ද නිකුත් කර තිබුණු අතර ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (26) උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම වළකින ලෙසත් සංදේශ භාරදීම සඳහා සුළු කණ්ඩායමකට පමණක් වගකිව යුතු රජයේ නිලධාරියෙකුගෙන් නීත්‍යානුකූලව ලබාගත් අවසරයක් මත ඇතුළු වීමට බාධාවක් නොමැති බවටත් අදාළ අධිකරණ නියෝගයේ සඳහන් වෙනවා.
කෙසේවෙතත් නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මුලික අයිතිවාසිකම ට මෙම නියෝගයෙන් කිසිදු බාධාවක් නොමැති බවද සඳහන්.