සමාජ මාධ්‍ය නියාමන පනත ඉරා දමන්න : CMC කියයි

ආණ්ඩුවට රටේ මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක් කෙරෙන පනත් ගෙන ඒමට නෛතික සහ ආචාරධාර්මික අයිතියක් නොමැති බව සයිබර් මාධ්‍ය සාමූහිකය පවසනවා.


මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සයිබර් මාධ්‍ය සාමූහිකය විසින් අද (02) බොරැල්ල ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළා.


එහි දී මෙම පනත් කෙටුම්පත සාකච්ඡාවට පවා භාජනය නොකර විසිකර දමන ලෙසයි ඔවුන් කියා සිටියේ.
රට දැවැන්ත ආර්ථික සමාජයීය දේශපාලන පරිහානියක ඇති බවත් අරගලය සිදු කළේ එයින් මිදෙනු පිණිස බවත් පවසන සයිබර් මාධ්‍ය සාමූහිකය ආණ්ඩුව ඒවා ගැන අවධානය යොමු නොකොට සමාජ මාධ්‍ය මර්දනයට කටයුතු කරන බවත් පෙන්වා දුන්නා.


ඍජු ජනතා විරෝධය සමාජ මාධ්‍ය තුළින් එල්ල වීම නිසා ප්‍රභූ දේශපාලනය පෙර පරිදි ගෙන යාමට නොහැකි වීම ඔවුන්ට වදයක් වී ඇති බවයි සයිබර් මාධ්‍ය සාමූහිකය පවසන්නේ.
මෙය ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් බවත් තීරණාත්මක පනත් ගෙන ඒමට නම් පළමුව සුජාත ජන බලයක් ලබා ගන්නා ලෙසත් ඔවුන් කියා සිටියා.


ආණ්ඩුව මෙලෙස සමාජ මාධ්‍ය නියාමනයකට සැරසෙන්නේ නම් සයිබර් මාධ්‍ය සමූහිකය වශයෙන් මෙම පනතට සහාය දෙන සියලුම දේශපාලකයින්ගේ පුවත් වාරණය කිරීමට මැදිහත්වන බවත් ඔවුන් කියා සිටියා.


කෙසේ වෙතත් ජනපතිවරයා ලෝකයට මාධ්‍ය නිදහස ගැන කියමින් රටට මාධ්‍ය නිදහස අහිමි කරන බවත් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ බවත් කියන එම සාමූහිකය වහාම මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පත අකුලා ගන්නා ලෙසත් එසේ නොවන්නේනම් නොවන්නේ නම් එය පරාජය කිරීමට සියලු සමාජ වේදිකා සංවිධානය කරන බවත් අවසාන වශයෙන් කියා සිටියා.


මෙම මාධ්‍ය හමුවට සයිබර් මාධ්‍ය සාමූහිකය සංවිධානයේ විධායක කමිටු සාමාජික සඳුන් ප්‍රියංකර විතානගේ, නුවන් හෙට්ටිආරච්චි, ලංකා ඩී ජයවර්ධන, මමිත් දිසානායක අදහස් දැක්වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles