මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසයෙන් ලබන මස 10 වැනිදාට පෙර ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් සමගි ජනබලවේගයේ බදුලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට දැනුම්දී තිබෙනවා.
මන්ත්‍රීවරයකු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ පසු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත්වීමට මාසයක කාලයක් ලබා දෙන අතර ඉන් අනතුරුව ඔහු එම නිවාසයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙනවා.
පෞද්ගලික හේතුවක් මත සිය මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස් වූ චමින්ද විජේසිරි වසර ගණනාවක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ජීවත් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
චමින්ද විජේසිරිගේ මන්ත්‍රීධූරයට පත් වූ නයන වාසලතිල මන්ත්‍රීවරුන්ට ලැබෙන පහසුකම් කිසිවක් තවමත් ඉල්ලීම් කර නැති බවත් ඔහු මෙතෙක් ලබා ඇත්තේ මන්ත්‍රී ධූරය සඳහා අවශ්‍ය කෙරෙන සේවා උපදෙස් පත්‍රිකා පමණක් බවයි වාර්තා වන්නේ.