පාසල් – සරසවි සිසුන් දසලක්ෂයක් කුසගින්නේ

ආර්ථික දුෂ්කරතා නිසා සරසවි සිසුන් සහ පාසල් සිසුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් ආහාර වේල් මගහරිමින් කල්ගෙවන තත්වයක් පෙනෙන බව ආරංචි මාර්ග පවසනවා.

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තුත කාරක සභාවට අනුව දරුවන් ලක්ෂ 6කට ආසන්න පිරිසක් උදේ ආහාරය නොගෙන පාසල් පැමිණෙනවා.

විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 20% ආසන්න පිරිසක් ඉතාම දරිද්‍ර පවුල්වල බවත් ඔවුන් කිහිප දෙනා එක්වී බිස්කට් පැකට්ටුව බෙදා ගෙන ආහාරයට ගෙන වේල් පිරිමසාගන්නා බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

සමහර සිසුන් උදේ වේල මගහැරීම සඳහා දවල් වෙනතුරු නිදාගන්නා බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

විශ්වවිද්‍යාල දරුවන්ට ලැබෙන රුපියල් 5000 දීමනාව වර්තමාන ආර්ථික තත්වය යටතේ කිසිසේත් නොසෑහෙන බවත් එයද නිසි කලට නොලැබෙන බවත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles