බහුදින ධීවර යාත්රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්ව ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වෙනවා.
ඊයේ (03) දින අලුයම් කාලයේ ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් මුහුදේ දී ධීවරයින් 07 දෙනෙකු ගමන් කළ ධීවර යාත්රාවක් නෞකාවක ගැටී පෙරළී ගොස් අනතුරක් සිදු වුණා.
එම ධීවර යාත්රාවේ සිටි ධීවරයින් 03 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ධීවරයින් 04 දෙනෙකු තවත් ධීවර යාත්රාවකින් බේරාගෙන තිබුණා.
අතුරුදන්ව ඇත්තේ 28,43 සහ 52 හැවිරිදි වයස්වල පසුවන අහුංගල්ල හා කොස්ගොඩ ප්රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූ ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර බේරාගත් ධීවරයින් ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු සූදානම් කර ඇතැයි සඳහන්.
ගාල්ල වරාය පොලීසිය සහ නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.