තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා එරට අධිකරණයට විසින් බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ දූෂණ වංචා චෝදනා හේතුවෙන්. වසර 15 ක කාලයක් තායිලන්තයෙන් පිටව විදේශගතව සිට තායිලන්තයට බලා පැමිණෙමින් සිටිය දී
හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා අත්අංගුවට ගෙන අධිකරණයට යොමු කිරීමෙන් පසුවයි බන්ධනාගාර ගත කර තිබෙන්නේ.
හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුට 2006 වර්ෂයේ දී දූෂණ චෝදනා එල්ල වෙනවා.
පසුව හමුදාව රටේ බලය අල්ලා ගැනීමත් සමඟ තක්ෂින් ෂිනවාත්‍රා බලයෙන් නෙරපා දැමුණු අතර, ඔහුගේ ‘තායි රාක් තායි’ පක්ෂය බලතල අවභාවිත කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් තහනම් කළා.
අත්අඩංගුවට ගැනීමට පෙර, තක්ෂින් ෂිනවාත්‍රා තායිලන්තයෙන් පිට වී විදේශගත වුව ද ඔහු නොමැතිවත් බැංකොක් අධිකරණ ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබුණා.
එසේම තක්ෂින් යළි පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියිතය තිබුණ අතර ඔහු ඔහුගේම පෞද්ගලික ජෙට් යානයෙන් බැංකොක් අගනුවර ඩොං මුවෙන්ග් ගුවන්තොටුපොළ බලා පැමිණීමේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා.