තලතාගේ කතාවෙන් වාසිය රනිල්ට :හිටපු ඇමති මනූෂ

ඇතැමුන් ජනාධිපතිවරණය කල් තියා දිනා සිටියද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්නේ සැප්තැම්බර් 21 වැනිදා බවත්, උත්සාහ කර බැලීමට කියා කිසිවෙකු නියඟලා අල නොකන බවත්, කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (22) කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේශ් එම ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

තලතා අතුකෝරල විසින් පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව ගමේ සමගි ජන බලවේගය පාක්ෂිකයින්ගේ හදවත් අවදි කර ඔවුන් එ.ජා.ප නායකයා වටා ගොනු කිරීමට සමත් වනු ඇති බවද හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.

“ගමේ සමගි ජන බලවේගය පාක්ෂිකයෝ කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඒ පාක්ෂිකයෝ තමන්ගේ නායකයා ක්‍රමානුකූලව රට ගොඩනගන වෙලාවක ඒ සමග එකතුවෙන්න සූදානම්. මේ වැඩ බැරි දාස පොදුජන පෙරමුණත් විනාශ කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයවත් විනාශ කරපු නාලක ගොඩහේවලා, චරිත හේරත්, ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්ලාට ඕන විදියට සමගි ජන බලවේගය නටවනකොට එක්සත් ජාතික පාක්ෂිකයෝ ක්‍රමානුකූලව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙත එකතුවෙමින් ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles