“තම්බපවනී” ට නව හිමිකරුවෙක් සොයයි

තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්,මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් තම්බපවනී සුළං විදුලි බලාගාරයේ පූර්ණ වාණිජ මෙහෙයුම් කටයුතු 2021-05-18 වන දින ආරම්භ කරනු ලැබුවා.

වසර තුනක කාලයක් සඳදහා එම විදුලි බලාගාරයේ වගකීම් ,මෙහෙයුම් සහ නඩත්තු සේවා සපයා ගැනීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය විසින් Vestas Wind Lanka (Pvt) Limited සමඟ ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, එකී ගිවිසුමේ කොන්ත්‍රාත් කාලය 2024-05-17 දිනෙන් අවසන් බවයි පැවසෙන්නේ.

එබැවින්, එකී කාර්යයන් සඳහා නව සේවා සැපයුම්කරුවකු තෝරාගත යුතුව ඇතැයි රජය පවසනවා.

ඒ අනුව තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසු සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles