මෙරට ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රකට ක්‍රීඩිකාවක වූ තර්ජිනී සිවලිංගම් ජාත්‍යන්තර දැල්පන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. මේ බව ඇය නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර තරඟවලින් සමුගැනීමට තීරණය කළත් ඕස්ට්‍රේලියානු දැල්පන්දු සමාජ තරඟාවලිවලට සහභාගි වන බව ඇය පවසනවා.
“වසර ගණනාවක් මම ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවේ සාර්ථකත්වයට දායක වී තිබෙනවා.දැන් මගේ වයස අවුරුදු 45ක්. හෙට (8) නෙට්බෝල් කණ්ඩායම ලංකාවට ගියත් මම ඔවුන් සමඟ නැවත ලංකාවට එන්නේ නැහැ. ජාත්‍යන්තර දැල්පන්දු ක්‍රීඩාවට සමු දුන්නත් මම අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවේ ක්ලබ් නෙට්බෝල් වලට සහභාගී වෙනවා. ඒ වගේම මට කවදාවත් ශ්‍රී ලංකාව අමතක වෙන්නේ නැහැ. මම ලෝකයේ ප්‍රසිද්ධ වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නිසයි”
ලෝක දැල්පන්දු ශූරතාවලිය දකුණු අප්‍රිකාවේදී පැවති අතර එයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයින බලා පැමිණියද තර්ජිනී නොපැමිණෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, මෑත කාලයේ මෙරටත් ජාත්‍යන්තරවත් ඉතා ප්‍රසිද්ධියක් ලත් දැල්පන්දු ක්‍රීඩිකාව වන්නේ ඇයයි.