අංගොඩ ලොක්කා පූජා කළ පවුම් 38 රන් තැටිය අතුරුදන්: කතරගම ප්‍රධාන කපුවා අත්අඩංගුවට?

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක සහ ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලබා දී තිබෙනවා.

පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ සිය දරුවාගේ අපල වෙනුවෙන් දේවාලයට පූජාකළ රත්රන් පවුම් 38ක් බර තැටියක් අතුරුදන් කිරීම මෙම අත්අඩංගුවට ගැනීමේ නිමිත්ත යැයි සඳහන් වෙනවා.

අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත යන අයවයි.

2021 ඔක්තෝම්බර් මස රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව මෙලෙස පරීක්ෂණ පැවැත්වෙනවා.

අංගොඩ ලොක්කාගේ දරුවාගේ වයසට ගැලපෙන බරින් එනම් පවුම් 5කින් රන් තැටියක් සෑදීමට ඔවුන් උත්සාහ කළත් කපුවන්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කාගේ වයසට එනම් පවුම් 38කට රන් තැටිය සාදා තිබෙනවා. මේ සඳහා රන් බිස්කට් ගෙනැවිත් දී ඇත්තේ අංගොඩ ලොක්කාගේ ගෝලයන් විසින්. පසුව කතරගම හෝටලයක අරක්කැමියෙකු මාර්ගයෙන් රන්කරුවෙකුට ඇනැවුම බාර දී සාදාගත් මෙම පවුම් 38 රන් තැටිය ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායකට භාර දී තිබෙනවා. පසුව ඔහු එය ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මේ වෙනුවට නැවත වෙනත් තැටියක් සාදවා ඒ වෙනුවට තැබීමට මේ අය ක්‍රියා කළ බවත් හෙළදිරව් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles