ඉදිරි ජනපතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ප්රතිපත්ති ප්රකාශයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යෝජනා කර ඇති බව වාර්තා වෙනවා.
බලය පාර්ලිමේන්තුවට පැවරෙන අතර ප්රජාතන්ත්රවාදය ගැන දැඩිව අවධාරණය කෙරෙන ප්රතිපත්ති ඊට ඇතුළත්ව ඇති බව සඳහන්.
ප්රතිපත්ති ප්රකාශය අගෝස්ත් 26 දා තලවතුගොඩ ග්රෑන්ඩ් මොනාක් ඉම්පීරියල් හෝටලයේදී එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.
පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් යන තේමාව මෙම ප්රතිපත්ති ප්රකාශනයේ තේමාව බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරනවා.
දසක 5කට වැඩි කාලයක් පුරා ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි අතර මෙය එහි දිගුවක් ලෙස විචාරකයන් හඳුන්වනවා.