කෙහෙළියගේ සමීපතමයන්ගේ ගිණුම් ගැනත් සොයන්න යයි

ව්‍යාජ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සැක පිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් ගැන සිදු කරන විමර්ශනයේදී ඔහුගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳවද සොයා බැලීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් තමන් ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රකාශ සෑහීමකට පත් විය නොහැකි බවයි විමර්ශකයන්ගේ අදහස වී ඇත්තේ.

ඒ අතර හිටපු ඇමැතිවරයාගේ, බිරිඳගේ, දියණියන් තිදෙනාගේ සහ බෑණාගේ ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles