වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව පවරා තිබූ නඩුවක තීන්දුව අද (14) දින ලබා දී තිබෙනවා.
ඒ මෙයට වසර 13කට පෙර පාදුක්ක ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නම් අයෙකු අත්අඩංගුවට ගෙන, නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු පවරා තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව වශයෙන්.
එවක පොලිස් අධිකාරීව සිටි දේශබන්දු තෙන්නකෝන්, විශ්‍රාමික හමුදා සැරයන් මේජර් අජිත් වනසුන්දර ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට 11, 12(1), 13(1) සහ 13(2) යන වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 05 බැගින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමට වැරදිකරු වූ අයෙකු වැඩබලන පොලිස්පති ධුරය දැරීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වී තිබෙනවා.