ඩීසල් ලීටරයක ඇත්ත මිල රු. 200 – රට කන මෝඩයෙක් ගෙනත් 400ට ගහනවා!

රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් පළ කර තිබුණා.

ප්‍රශ්නය – රට මේ යන විදිහට ගියොත් නතර වෙන්නේ කොතනද? ඔබගේ පුරෝකථනය මොකක්ද?

මේ යන විදිහ පැහැදිලිවම වෙනස් වෙන්න ඕන. මගේ මතය තමයි ඉන්ධන ගාස්තු අඩුවෙන්න ඕන. විශේෂයෙන් ඩීසල් මිල. ඒ වගේම විදුලි ගාස්තු. 30%කින් අඩුකරන්න පුළුවන් විධිමත් කළමනාකරණ වැඩපිළිවෙලකින්. මොකද මම එහෙම කියන්නෙ මම විදුලිබිල අඩු කරපු ඇමැතිවරයෙක්. එහෙම අඩු කරලත් විදුලි බල මණ්ඩලය ලාබ කරපු මිනිහෙක්. මම තෙල් මිල අඩු කළ මිනිහෙක්. මිනිස්සුන්ට මතක නෑ මගේ කාලයේ රුපියල් 95ට තෙල් තිබුණ කියලා. රටවිරුවෙක් කියලා රට කන මෝඩයෙක් ගෙනත් තමයි මේ රුපියල් 400ට තෙල් ගහන්නෙ. මේ දේවල් අඩු කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු රැවටෙන්නෙ නැතිව ඉන්න ඕන.

ප්‍රශ්නය – ජනවාරි මාසයේ විදුලිබිල අඩුකරන බව කියනවා?

දැන් ලාභයිනේ. මේ පසුගිය මාස තුනේ රුපියල් බිලියන 6කට වඩා ලාභයි මණ්ඩලයට.

ප්‍රශ්නය – ඇත්තටම කොයි තරම් ප්‍රමාණයකින් විදුලිබිල, තෙල් මිල අඩු කරන්න පුළුවන් ද?

ඩීසල් ලීටරයක ඇත්ත මිල කීයද? රුපියල් 200යි. අනෙක් ඒවා බදුනෙ. කොහොමත් ජනවාරි මාසය වෙද්දි තව රුපියල් 38ක් වදිනවා. ඩීසල් සහ පෙට්රල්වලට. බදු නැත්නම් මේව අපිට අඩුවෙන් දෙන්න පුළුවන්. බදු අඩු කරන්න නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. ධනපතියන්ට රිදෙන්න. දෙක ආර්ථිකයේ ආදායම් වියදම් ඩිජිටල් කරන්න ඕන.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපතිවරණෙයන් පසු ඔබ ජනාධිපති වුණොත්, පළමුවෙන්ම කරන දේ මොකක්ද?

අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා. මේවායින් අයථා ලාභ ලබපු මිනිස්සුන්ට දැනෙන විදිහට. ඊළඟට රටේ මිනිස්සුන්ගේ ආදායම්-වියදම් ඩිජිටල් වේදිකාවකට ගන්නවා පළමු හය මාසය ඇතුළත

ඉපිටුම-දිවයින ඉරිදා සංග්‍රහය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles