දකුණු අප්‍රිකාවේ මැතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව දිගු කලක් පාලනය කළ අප්‍රිකානු ජාතික කොංග්‍රසයට සිය පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමේ අවදානමක් මතු වී තිබෙනවා.
ඡන්දය ප්‍රකාශ කරන දිස්ත්‍රික්කවලින් 91.62% කට වැඩි ප්‍රමාණයක, ගණන් කිරීම අවසන් වී ඇති අතර ඒ අනුව අප්‍රිකානු ජාතික කොංග්‍රසයට ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය දැනට 40.98% ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 21.65%කින් ද, හිටපු ජනාධිපති ජේකබ් සූමාගේ නායකත්වයෙන් යුත් එම් කේ පක්ෂය 13.81%කින් ද, එෆ් එෆ් 9.49%කින් ද පසුපසින් සිටින බව සඳහන්.
අවසාන ප්‍රතිඵල සති අන්තයේ නිකුත් කිරීමට නියමිත අතර නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති බවට පත් වූ 1994 වසරේ සිට රටේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් පසු අප්‍රිකානු ජාතික කොංග්‍රසය සෑම මැතිවරණයකින්ම 50% ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණා.