දරුවාට පහර දෙන මෘගයා කුකුල් චමින්ද පළා ගිහින්

කුඩා දරුවෙකුට තිරිසන් ආකාරයට පහර දෙන පුද්ගලයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹමින් තිබෙනවා.

වයස අවුරුදු 4ක පමණ දරුවෙකුට පහර දෙන මේ සැකකරු පදවිය, වැලිඔය, සම්පත් නුවර පදිංචි කුකුල් චමින්ද නම් අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම වීඩියෝව අසල්වැසියෙකු විසින් රූගත කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙන අතර කුඩා දරුවාට පහර දෙන දර්ශන අනුව මෙම පහරදීම නිතර සිදුවන එකක් බව දරුවාගේ හැසිරීමෙන් පෙනී යනවා.

මෙම වීඩියෝව ප්‍රචාරය වීම සමගින් වැලිඔය සම්පත් නුවර පොලිසිය ක්‍රියාත්මක වී සැකකරුගේ නිවස වටලනු ලැබුවද ඒ වන විට ඔහු සිය පවුලම සමගින් නිවසින් අතුරුදන්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles