ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පසුගිය වකවානුවේ බැසිල් රාජපක්ෂ ඉතා බුද්ධිමත් අයෙක් බවත්, ඔහුට මොළ හතක් ඇති බවත් ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, මේ වන විට මොළ හත වැනි අය විසින් කළ රට බංකොලොත්භාවයට පත්ව තිබෙනවා.
පසුගිය දා පැවැති රූපවාහිනී වැඩසටහනකදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මොළ හත පිළිබඳ විමසීමක් කරනු ලැබුවා.
මෙම වැඩසටහනේ දී හිටපු අමාත්‍යවරයාගෙන් විමසා තිබෙන්නේ තිබෙන මොළයට අමතරව වෛද්‍ය විද්‍යාත්මකව අමාත්‍යවරයාට මොළ හතක් තිබෙනවා ද යන්නයි.
රටේ මිලියන ගණනකගේ මොළයි බැසිල්ගෙ මොළයි වෙනස් වෙන්නෙ කෙසේද යන්නත් එහිදී විමසනු ලැබුවා.
මෙහි දී බැසිල් රාජපක්ෂ පවසා සිටියේ ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් බවයි.
“දන්නවනේ සාමාන්‍යයෙන් රජවරු ළඟ හිටියනේ මදුරුවො වැහුවම කඩුවෙන් ගහන අයත්. ඒ වගේ අය අපි ගාවත් ඉන්න ඇති එහෙම නොවුණනම් අපි මේ වාගේ තත්වෙට පත්වෙන්නෙ නැහැනෙ.”
යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.